Sunday 13 November 2016

නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව.1187 සිට 1196)

නිශ්ශංක මල්ල රජතුමා 


කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නාම වලින්ද හැඳින්වුන නිශ්ශංක මල්ල රජතුමා 1187 සිට 1196 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළේය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වූ ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශිකයෙකි.

Saturday 12 November 2016

පොලොන්නරුව රාජධානිය

පොලොන්නරුව රාජධානිය පාලනය කළ රජවරු

1.      
රාජ රාජ චෝල රජු

ක්‍රි.ව. 993
ක්‍රි.ව.1014

2.      
රාජේන්ද්‍ර චෝල රජු

ක්‍රි.ව.1014
ක්‍රි.ව.1054

3.      
මහා විජයබාහු රජු

ක්‍රි.ව.1070
ක්‍රි.ව.1110

4.      
ජයබාහු රජු

ක්‍රි.ව.1110
ක්‍රි.ව.1111

5.      
1 වන වික්‍රමබාහු රජු

ක්‍රි.ව.1111
ක්‍රි.ව.1132

6.      
2 වන ගජබාහු රජු

ක්‍රි.ව.1132
ක්‍රි.ව.1153

7.      
මහා පරාක්‍රමබාහු රජු

ක්‍රි.ව.1153
ක්‍රි.ව.1186

8.      
2වන විජයබාහු රජු

ක්‍රි.ව.1186
ක්‍රි.ව.1187

9.      
1වන මහින්ද රජු

ක්‍රි.ව.1187

දින 3
10.   
නිශ්ශක්කමල්ල රජු

ක්‍රි.ව.1187
ක්‍රි.ව.1196

11.   
විරබාහු රජු

ක්‍රි.ව.1196

දින 1
12.   
2 වන වික්‍රමබාහු රජු

ක්‍රි.ව.1196

මස 3
13.   
චෝලඩගන්ගදේව රජු

ක්‍රි.ව.1196
ක්‍රි.ව.1197

14.   
ලීලාවති රැජින
පළමු වරට
ක්‍රි.ව.1197
ක්‍රි.ව.1200

15.   
සහාසමල්ල රජු

ක්‍රි.ව.1200
ක්‍රි.ව.1202

16.   
කල්ලියානිවති රැජින    

ක්‍රි.ව.1202
ක්‍රි.ව.1208

17.   
ධර්මශෝකදේව රජු    

ක්‍රි.ව.1208

මා3
18.   
අනිකංග රජු

ක්‍රි.ව.1209

දින 17
19.   
ලීලාවති රැජින
දෙවන වරට
ක්‍රි.ව.1209
ක්‍රි.ව.1210

20.   
ලෝකේශ්වර රජු

ක්‍රි.ව.1210
ක්‍රි.ව.1211

21.   
ලීලාවති රැජින
තුන්වැනි වරට
ක්‍රි.ව.1211
ක්‍රි.ව.1212

22.   
පරාක්‍රමබාහු පණ්ඩිය රජු

ක්‍රි.ව.1212
ක්‍රි.ව.1215

23.   
කාලිංග මාඝ

ක්‍රි.ව.1215
ක්‍රි.ව.1236

24.   
විජයබාහු රජු   
දඹදෙණිය
ක්‍රි.ව.1236





වෛජයන්ති ප්‍රසාදය

Wednesday 9 November 2016

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිංහලේ මනු රාජ වංශය



මෙය පුරාණ දඹදිව පැවති රාජ වංශයක් බවට ඇතැම්හු මත පළ කරති. එහෙත් හෙළ හවුළ පවසන්නේ මෙය ලක්දිව පැවති මුල්ම රාජ වංශය බවයි. කරුණු සලකා බැලීමේදී හෙළ හවුළේ අදහස වඩාත් විශ්වාස දායක වේ. මන්ද යත් ඓතිහාසික පුරාවෘත්තවලට අනුවත් ජන ඇදහිලි හා විශ්වාසයන් අනුවත් මනු රජවරුන් හෙළයේ රජ කළ බව විශ්වාස කළ හැකි බැවිනි.

Tuesday 8 November 2016

දෙවන ලෝක මහා සංග‍්‍රාමය

ක‍්‍රි. ව. 1918 වන විට පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසන් වූ අතර පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසන් වී දශක දෙකක් ගත වන විට නැවතත් ලෝකයේ යුද ගිනිදැල් ඇවිලෙන පසුබිමක් ලෝකයේ සැකසෙමින් තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත ලෝක මහා සංග‍්‍රාමයක් ඇති විය. 1939 සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක පමණ කාලයක් ලොව පුරා පැවැති මෙම බිහිසුණු සංග‍්‍රාමය දෙවන ලෝක මහා සංග‍්‍රාමය ලෙස හැඳින්වේ.

Sunday 6 November 2016

මහා පාවාදීමේ රජු දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර

බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රදේවී කුමරිය හා වීදිය බණ්‌ඩාර අතර විවාහය සිදුවන්නේ දේශපාලනික පසුබිමක්‌ සහිතවය. බුවනකබාහු රජතුමාගේ සොහොයුරු මායාදුන්නේ, කෝට්‌ටේ රාජ්‍යයට බැල්ම හෙළීමත් සමඟ බුවනෙකබාහු රජුට රණ ශූරත්වයෙන් යුතු පුද්ගලයකුගේ සහාය අවශ්‍ය විය. මෙයට ඉතාම සුදුසුම පුද්ගලයා වීදිය බණ්‌ඩාර බව රජුට වැටහී තිබුණි.


Friday 4 November 2016

යාපනය රාජධානිය

(ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.


යාපනය රාජකීය ධජය


Wednesday 2 November 2016

පළමු ලෝක මහා සංග්‍රාමය

විසිවන සියවසේ ප‍්‍රථම භාගයේ දී සමස්ත ලෝකයට ම බලපෑ මහා සංග‍්‍රාම දෙකක් ඇති විය. මෙම සංග‍්‍රාම දෙක ම යුරෝපයෙන් ආරම්භ වී පසුව සෙසු මහාද්වීප කරා පැතුරුණි. ලොව බලවත් රටවල් රැසක් මෙම යුද්ධවලට සම්බන්ධ වී සමස්ත ලෝකයට බලපෑම් ඇති කළ නිසා වා ලෝක මහා සංග‍්‍රාම ලෙස හඳුන්වනු ලැබේ. මෙම යුද්ධවලින් සිදු වූ ව්‍යසනය නිසා ම නැවත ලෝක මහා සංග‍්‍රාමයක් ඇතිවීම වලක්වා ගැනීම පිණිස ලෝක නායකයෝ විවිධ සම්මුති ඇති කර ගත්හ.

මෙම ලිපියේ දී පළමු ලෝක මහා සංග‍්‍රාමයට තුඩුදුන් හේතු, පළමු ලෝක මහා සංග‍්‍රාමයේ ස්වභාවය, ප‍්‍රතිඵල මෙන් ම ජාතිගේ එකමුතුව සංවිධානය, එහි වැදගත්කම සහ එහි පරිහානිය පිළිබඳව ද අවධානය යොමු කෙරේ.




Tuesday 1 November 2016

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනය

1948 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීම මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. ඒ සමඟ ම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණුඩුක‍්‍රමය ලැබුණු බැවින් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමි විය. 1972 හා 1978 යන වසරවල නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම මගින් දේශපාලන ක්ෂේත‍්‍රයේ තවත් වෙනස්කම් රැසක් සිදු විය. 

සෝල්බරි ප‍්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ  ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පත් කරන ලද සෝල්බරි කොමිසම සාමාජිකයෝ 1944 දෙසැම්බර් මස දිවයිනට පැමිණියහ. 1945 වර්ෂයේ සැප්තැම්බර් මස සෝල්බරි කොමිසමේ වාර්තාව ප‍්‍රකාශයට පත් කෙරුණු අතර රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ පූර්ණ බලතල ලාංකිකයන්ට ලැබෙන ආණුඩුක‍්‍රමයක් එමගින් නිර්දේශ කර තිබුණි.

එම වාර්තාවේ කරුණු ඇතුළත් ධවල පත‍්‍රිකාව මෙරට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විසින් පිළිගනු ලැබීමෙන් පසු සෝල්බරි ආණ්ඩුක‍්‍රමය පිළිබඳ රාජාඥව 1946 මැයි මාසයේ දී බි‍්‍රතාන්‍ය විසින් නිකුත් කරන ලදි. සෝල්බරි ආණ්ඩුක‍්‍රමය යටතේ පැවැත්විය යුතු ප‍්‍රථම පාර්ලිමේන්තු  මැතිවරණය 1947 වසර මැද පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ලංකාවට නිදහස ලබා දීම ගැන එතෙක් බි‍්‍රතාන්‍යයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකළහ. මේ නිසා නිදහස ලබා ගැනීමට ලාංකිකයන්ට ඇති අයිතිය පිළිබඳ ඞී. එස්. සේනානායක මහතා ඇතුඵ මෙරට නායකයෝ බි‍්‍රතාන්‍යයට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළහ. 

ඒ අනුව මැතිවරණයට මාස දෙකකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කළ යටත් විජිත භාර ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක තත්ත්වය ලංකාවට ලබා දෙන බව නිවේදනය කළේය. මේ වන විට ඞී.එස්.සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා තිබුණි. 1947 අගෝස්තු මස පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලය පහත දැක්වේ.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල



දේශපාලන පක්ෂය
ජයග‍්‍රහණය කළ ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය
42
ලංකා සමසමාජ පක්ෂය
10
ද්‍රවිධ සංගමය
07
ලංකා ඉන්දියානු සංගමය
06
බොල්ෂෙවික් ලෙනින් පක්ෂය
05
ලංකා කොමියුනිට්ස් පක්ෂය
03
කම්කරු පක්ෂය
01
ස්වාධීනව තරග කළ අපේක්ෂකයන්
21
එකතුව
95


ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය

මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත් බැවින් ස්වාධීන අපේක්ෂකයන් රැසකගේ සහාය ලබා ගත් ඞී. එස්. සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේ ය. 1946 වර්ෂයේ සිට ම මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පාලන වගකීම ලාංකිකයන්ට පවරා දීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කැමති වුවත් විදේශ කටයුතු තවදුරටත් බි‍්‍රතාන්‍යයන් අතම පවත්වා ගැනීමේ සූදානමක් තිබුණි.දිවයිනේ භූගෝලීය පිහිටීම, ආරක්ෂක හා යුද්ධ කටයුතු අතින් වැදගත් වූ හෙයින් මෙරට සමඟ පැවති සබඳතා සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අකමැති වීම එයට හේතු විය.

බි‍්‍රතාන්‍යයේ මෙම අභිලාෂය තේරුම් ගත් නව අගමැති ඞී.එස්.සේනානායක මහතා, 1947 නොවැම්බර් මාසයේ දී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමග ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් තැබීමට කටයුතු කළේ ය.

  • ආරක්ෂක ගිවිසුම


ආරක්ෂක ගිවිසුම අනුව අවශ්‍යය අවස්ථාවල දී බි‍්‍රතාන්‍යයේ නාවික, ගුවන් හා සෙසු යුද්ධ කටයුතුවලට මෙරට භුමිය භාවිත කිරීමට ඉඩ ලබා දීමට එකඟ විය.

  • බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම


බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම අනුව නිදහස් රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර සබඳතා අලූතෙන් ගොඩනගා ගැනීමේ දී බි‍්‍රතාන්‍යයේ සහාය මෙරටට ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ විය.

1948 වර්ෂයේ පෙබරවාරි 04 දින සිට එකී විධි විධාන ක‍්‍රියාත්මක වීමත් සමග ශ‍්‍රී ලංකාවට නැවත වරක් නිදහස ලැබුණි. ඒ අනුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නීති පැනවීමට හා මෙරට පාලන කටයුතු ගෙන යාමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට තිබූ බලය අවසන් වී එම බලතල ලංකා ආණ්ඩුවට ලැබුණි.

1948 වර්ෂයේ පෙබරවාරි 10 දින නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර අගමැති ඞී.එස්.සේනානායක මහතා විසින් ඉංග‍්‍රීසි ධජය පහත හෙළා යළි සිංහ ධජය ඔසවන ලදි. මේ අනුව පෙබරවාරි 04 දින ශ‍්‍රී ලංකාවේ නිදහස් දිනය බවට පත් විය.


ලංකා පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 10/08/1948