Tuesday 8 November 2016

දෙවන ලෝක මහා සංග‍්‍රාමය

ක‍්‍රි. ව. 1918 වන විට පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසන් වූ අතර පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසන් වී දශක දෙකක් ගත වන විට නැවතත් ලෝකයේ යුද ගිනිදැල් ඇවිලෙන පසුබිමක් ලෝකයේ සැකසෙමින් තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත ලෝක මහා සංග‍්‍රාමයක් ඇති විය. 1939 සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක පමණ කාලයක් ලොව පුරා පැවැති මෙම බිහිසුණු සංග‍්‍රාමය දෙවන ලෝක මහා සංග‍්‍රාමය ලෙස හැඳින්වේ.



දෙවන ලෝක සංග‍්‍රාමයට තුඩු දුන් හේතු 


දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භ වූයේ 1939 දී වුවත් එය ක්ෂණිකව ඇති වූ සිදු වීමක් නො වී ය. පළමුවන ලෝක සංග‍්‍රාමය අවසන් වී දශකයක් පමණ ගත වන විට යුරෝපයේ ඇතැම් රටවල ක‍්‍රියාකාරිත්වය සහ බලවත් රටවල් අතර තිබූ තරගකාරිත්වය නැවතත් යුද්ධයකට පසුබිම නිර්මාණය කළේ ය. මේ තත්ත්වය දෙස පරික්ෂාකාරීව බලන විට දෙවන ලෝක සංග‍්‍රාමයට තුඩු දුන් හේතු කිහිපයක් හඳුනාගත හැකි ය.

ජර්මනියේ හිට්ලර් බලවත්වීම හා ඔහුගේ ක‍්‍රියා කලාපය

ජර්මනියේ හිට්ලර් බලවත්වීම හා ඔහුගේ ක‍්‍රියා කලාපය 

පළමු වෙනි ලෝක සංග‍්‍රාමයෙන් පසු බටහිර රටවල් මැදිහත් වීමෙන් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටවූ අතර එය වෛමාර් ආණ්ඩුව ලෙස හැඳින්වේ. සමකාලීනව ජර්මනිය මුහුණ දුන් ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී වෛමාර් ආණ්ඩුවේ තිබූ දුර්වලතා නිසා ජර්මනිය තුළ හිට්ලර් වැන්නෙකුට බලය ලබා ගත හැකි තත්ත්වයක් සකස් විය.

වර්සෙල්ස් ගිවිසුම අනුව ජර්මනියට විශාල යුධ වන්දියක් ගෙවීමට සිදු විය. වර්ෂ 1920 න් පසු ජර්මනියේ ප‍්‍රාග්ධනය සම්පූර්ණයෙන් යුධ වන්දි ගෙවීමට වැය වීම නිසා වෛමාර් ආණ්ඩුව ශීඝ‍්‍රයෙන් මුදල් අච්චු ගැසීමට පෙළඹුණි. මේ නිසා මුදලේ අගය ශීඝ‍්‍රයෙන් පහත වැටී රට තුළ ඉහළ උද්ධමනයක් නිර්මාණය විය. රටේ භාණ්ඩ මිල ඉතා අධික ලෙස ඉහළ ගිය අතර විරැකියාව ද අතිවිශාල විය.

හිට්ලර්ගේ අනුගාමිකයෝ මෙම තත්ත්වය තම වාසියට හරවා ගත්හ. වර්ෂ 1929 දී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියට ද තදින් බලපෑවේ ය. මේ නිසා ජර්මනියේ රැකියා හිඟය ඉහළ ගිය අතර භාණ්ඩ මිල ද වැඩි විය. ඇතැම් නගරවල කම්කරු වැඩවර්ජන පවා ඇති විය. ලෝකයේ බොහෝ රටවල් මෙම ආර්ථික පරිහානියට මුහුණ දුන් නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෛමාර් රජයට ප‍්‍රශ්න විසඳිය නොහැකි බව හුවා දැක්වූහ.


ඇඩොල්ෆ් හිට්ලර්

ඇඩොෆ් හිට්ලර් යනු ඔස්ටි‍්‍රයන් ජාතිකයෙකි. පළමු වන ලෝක සංග‍්‍රාමයේ දී ඔහු ජර්මනිය වෙනුවෙන් සටන් කළේ ය. වෛමාර් ආණ්ඩු සමයේ දී රජයට විරුද්ධව කුමන්ත‍්‍රණයක් කිරීම නිසා ඔහු සිරගත විය. සිර ජීවිතය ගත කරන අතර ම ඔහු තම ප‍්‍රසිද්ධ කෘතිය වන මගේ සටන නමැති කෘතිය ලිවී ය. එම කෘතියෙන් ජර්මන් නාසිිවාදය පිළිබඳව ඔහු තම අදහස් ඉදිරිපත් කළේ ය.




මයින් කාෆ් (මගේ සටන) නම් කෘතිය

හිරෙන් නිදහස් වූ පසු ජර්මනිය තුළ උමතු ජාතිවාදයක් පතුරවමින් සිටි හිට්ලර් 1933 දී එරට පාර්ලිමේන්තුවේ (රිෂ්ටාග්) බලය අල්ලාගෙන ජර්මන් චාන්ස්ලර්වරයා විය. හිට්ලර්ගේ පක්ෂය ජාතික සමාජවාදී පක්ෂය ලෙස හැඳින්වේ. හිට්ලර් තමන්ගේ උපදේශකයන් ඉදිරියේ කථා පවත්වමින් ජනතාවගේ සිත් ඇද බැඳ ගන්නා ලෙස ජනතාව ඇමතීමට පෙර පුහුණුවීම් පවා සිදු කළ බව වාර්තා වේ.

හිට්ලර් 1933 දී බලයට පත් වූයේ එරට පාර්ලිමේන්තුවේ තවත් මන්ත‍්‍රීවරුන්ගේ සහය මගිනි. එහෙත් ක‍්‍රමයෙන් තම බලය ස්ථාවර කර ගත් හෙතෙම එ්කාධිපති බලතල රැස් කරන්නට විය. ඔහු ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වන විට වොන් හිඩර්බර්ග් ජර්මනියේ ජනාධිපති ලෙස කටයුතු කළේ ය. මහලූ ජනාධිපති හිඩන්බර්ග් ටික කලකින් මිය ගිය අතර හිට්ලර් විසින් ජනාධිපතිගේ බලතල තමන් වෙත පවරා ගන්නා ලදි. මැතිවරණයක් ආසන්නව තිබිය දී අනුගාමිකයන් ලවා ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබ්බවූ හෙතෙම එහි වරද කොමිනිට්ස්වරුන් වෙත පැවරී ය. අනතුරුව ඔහු සියලූ දේශපාලන පක්ෂ තහනම් කොට කොමියුනිට්ස්වාදීන් හා යුදෙව්වන් වැනි විරුද්ධවාදීන් සංහාරය කිරීමට පටන් ගත්තේ ය. මෙහි දී හිට්ලර්ගේ එස් එස් හමුදාව හා ගෙස්ටාපෝ නැමති රහස් පොලීසිය මිලේච්ඡ ඝාතනවල යෙදුණි.




හිට්ලර්ගේ එස් එස් හමුදා නිලධාරියෙක් 





ගෙස්ටාපෝ නැමති රහස් පොලීසියේ නායක හෙන්රික් හිම්ලෙර්

හිට්ලර් යනු ජන මාධ්‍ය උපරිම මට්ටමින් තමන්ට වාසි දායක අයුරින් යොදා ගත් අයෙකි. ඔහුගේ මාධ්‍ය කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමතිවරයා මාධ්‍ය සාරධර්ම උල්ලංඝණය කරමින් හිට්ලර්ට පක්ෂපාතී ජන මතයක් ඇති කිරීමට ජන මාධ්‍ය යොදා ගත්තේ ය. හිට්ලර් විසින් ජර්මනිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සම්පූර්ණයෙන් ම අහුරා දමන ලදි. පුවත්පත් නිදහස, රැස්වීම් නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තහනම් කෙරිණි. හිට්ලර් පොරොන්දු වූ උතුම් ජර්මනිය ගොඩ නැගීම වෙනුවෙන් සමකාලීන ජර්මානුවෝ මෙබඳු දේ ඉවසා සිටියහ. 

හිට්ලර් ජර්මනිය තුළ කොමියුනිට්ස්වාදීන් මර්දනය කරනු දුටු බටහිර ධනවාදී රටවල් කොමියුනිට්ස් වාදය විනාශ කිරීමෙන් තෘප්තිමත් වී හිට්ලර්ට එරෙහිව කටයුතු කිරීමෙන් වැලකුණි. මේ නිසා හිට්ලර් තවත් මුරණ්ඩු වූ බව පෙනේ. 1934 වර්ෂයේ දී ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වූ හිට්ලර් ජර්මනිය නැවත යුද්ධයක් කරා මෙහෙය විය.

  • 1938 දී අසල්වැසි ඔස්ටි‍්‍රයාව ආක‍්‍රමණය කළ හිට්ලර් එය ජර්මනියට ඈඳා ගෙන එහි නාසිවාදී පාලනයක් ආරම්භ කළේ ය.
  • අනතුරුව චෙකොස්ලෝවැකියාව කෙරෙහි අවධානය යොමු කළ හිට්ලර් එහි සිටි චෙකොස්ලෝවැකියානු හා ජර්මන් ජාතිකයන් වෙන් කරමින් සුඩෙටන්ලන්තය යනුවෙන් වෙනම රටක් පිහිටුවීමට උදව් කළේ ය.
  • අනතුරුව සුඩෙන්ටන්ලන්තය පමණක් නොව චෙකොස්ලෝවැකියාව ද ආක‍්‍රමණය කළ හිට්ලර් එරට ජර්මන් බලයට යටත් කළේ ය.
  • හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කරන තෙක් බටහිර රටවලින් ඔහුට සැලකිය යුතු විරෝධයක් මතු නොවුණි. එහෙත් හිට්ලර් ගේ පෝලන්ත ආක‍්‍රමණයත් සමග බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය වැනි රටවල් හිට්ලර්ට විරුද්ධව සටනට පැමිණුනි.
  • එය දෙවන ලෝක සංග‍්‍රාමයේ ආරම්භය විය.
වර්ෂ 1933 දී බලයට පැමිණි හිට්ලර් වසර 6 ක් තුළ ජර්මනිය බලවත් කොට දෙවන ලෝක සංග‍්‍රාමය ඇරඹූ අතර හිට්ලර් පරාජය කොට ජර්මන් නාසිවාදය ලොවෙන් අතුගා දැමීමට ඇමෙරිකාව, එංගලන්තය, රුසියාව ඇතුඵ මිත‍්‍ර ජාතීන්ට වසර හයක් හිට්ලර් සමග සටන් කිරීමට සිදු විය. මේ කාලයේ දී හිට්ලර් විසින් වද කඳවුරු පිහිටුවා අහිංසක යුදෙව්වන් හා රුසියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කරවා ඇත. අවුට්විට්ස්, බර්ගර් බෙල්සන්, බෙල්ෂෙග්, සොමිබොර් එවැනි කඳවුරුවලට උදාහරණ වේ. මෙසේ හිට්ලර් හා නාසි වාදී නායකයන් ගෙන ගිය ආක‍්‍රමණකාරී ප‍්‍රතිපත්තීන් නිසා දෙවන ලෝක සංග‍්‍රාමයේ දී සමස්ත ලෝක වාසීන්ට ම දුක් විඳීමට සිදු විය.

මුඵ ලෝකයේ ම ප‍්‍රමුඛ අවධානය යුද්ධයට යොමු වීම හේතුවෙන් සමස්ත ලෝකයේ සංවර්ධනය වසර ගණනකින් පසු පසට ගියේ ය. පළමු වන ලෝක සංග‍්‍රාමයෙන් පසු සිදු වූ විශාල ම විනාශය දෙවන ලෝක සංග‍්‍රාම කාලයේ දී සිදු විය. එම විනාශයට වගකිව යුතු පුද්ගලයා හිට්ලර් බවට විවාදයක් නැත. 




නාසි වද කඳවුරක දී ඝාතනය වූ පිරිසක් 




නාසි ඝාතන කඳවුරුවලට ගාල් කර සිටි අහිංසක ළමා සිරකරුවන් 



නාසි ඝාතන කඳවුරුවලට ගාල් කර සිටි අහිංසක සිරකරුවන් 


නාසි වාදය යනු කුමක්ද ?
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කොමියුනිස්ට්වාදයට මෙන් ම ධනවාදයට විරුද්ධ දර්ශනයක් වූ නාසිවාදයෙහි මුලික ඉගැන්වීම වූයේ ජර්මන් ජාතිය නිර්මල ආර්යන්ගෙන් පැවත එන ලොව උතුම් ම ජාතියක් බවයි.
  • යුදෙව්වන් හෙලා දැකීම නාසි වාදයේ විශේෂ ලක්ෂණයකි.
  • හිට්ලර් විසින් රචනා කරන ලද මයින් කාෆ් (මගේ සටන) නම් කෘතියේ නාසි වාදය විස්තර කොට ඇත.
  • නාසි වාදය යනු පක්ෂයේ එ්කාධිපතිත්වය පදනම් කර ගත් දේශපාලන ක‍්‍රමයකි. 

1 comment:

  1. ඔය කාලෙම ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය නිසාත් මිලියන ගානක මිනිසුන්ට ලෝකය අහිමි වුනා. ඒත් හිරෝහිතේ ගැන එහෙමට විරෝධාකල්පයක් නැහැ නේද? සමාජයේ.

    ReplyDelete