පොලොන්නරුව රාජධානිය පාලනය කළ රජවරු
1.
|
රාජ
රාජ චෝල රජු
|
ක්‍රි.ව. 993
|
ක්‍රි.ව.1014
|
||
2.
|
රාජේන්ද්‍ර චෝල රජු
|
ක්‍රි.ව.1014
|
ක්‍රි.ව.1054
|
||
3.
|
මහා විජයබාහු රජු
|
ක්‍රි.ව.1070
|
ක්‍රි.ව.1110
|
||
4.
|
ජයබාහු රජු
|
ක්‍රි.ව.1110
|
ක්‍රි.ව.1111
|
||
5.
|
1 වන වික්‍රමබාහු රජු
|
ක්‍රි.ව.1111
|
ක්‍රි.ව.1132
|
||
6.
|
2 වන ගජබාහු රජු
|
ක්‍රි.ව.1132
|
ක්‍රි.ව.1153
|
||
7.
|
මහා පරාක්‍රමබාහු රජු
|
ක්‍රි.ව.1153
|
ක්‍රි.ව.1186
|
||
8.
|
2වන විජයබාහු රජු
|
ක්‍රි.ව.1186
|
ක්‍රි.ව.1187
|
||
9.
|
1වන මහින්ද රජු
|
ක්‍රි.ව.1187
|
දින 3
|
||
10.
|
නිශ්ශක්කමල්ල රජු
|
ක්‍රි.ව.1187
|
ක්‍රි.ව.1196
|
||
11.
|
විරබාහු රජු
|
ක්‍රි.ව.1196
|
දින 1
|
||
12.
|
2 වන වික්‍රමබාහු රජු
|
ක්‍රි.ව.1196
|
මස 3
|
||
13.
|
චෝලඩගන්ගදේව රජු
|
ක්‍රි.ව.1196
|
ක්‍රි.ව.1197
|
||
14.
|
ලීලාවති රැජින
|
පළමු
වරට
|
ක්‍රි.ව.1197
|
ක්‍රි.ව.1200
|
|
15.
|
සහාසමල්ල රජු
|
ක්‍රි.ව.1200
|
ක්‍රි.ව.1202
|
||
16.
|
කල්ලියානිවති රැජින
|
ක්‍රි.ව.1202
|
ක්‍රි.ව.1208
|
||
17.
|
ධර්මශෝකදේව රජු
|
ක්‍රි.ව.1208
|
මාස 3
|
||
18.
|
අනිකංග රජු
|
ක්‍රි.ව.1209
|
දින 17
|
||
19.
|
ලීලාවති රැජින
|
දෙවන වරට
|
ක්‍රි.ව.1209
|
ක්‍රි.ව.1210
|
|
20.
|
ලෝකේශ්වර රජු
|
ක්‍රි.ව.1210
|
ක්‍රි.ව.1211
|
||
21.
|
ලීලාවති රැජින
|
තුන්වැනි වරට
|
ක්‍රි.ව.1211
|
ක්‍රි.ව.1212
|
|
22.
|
පරාක්‍රමබාහු පණ්ඩිය රජු
|
ක්‍රි.ව.1212
|
ක්‍රි.ව.1215
|
||
23.
|
කාලිංග මාඝ
|
ක්‍රි.ව.1215
|
ක්‍රි.ව.1236
|
||
24.
|
විජයබාහු රජු
|
දඹදෙණිය
|
ක්‍රි.ව.1236
|
වෛජයන්ති ප්‍රසාදය
පොළොන්නරු රාජධානියේ ඓතිහාසික පසුබිම
පොලොන්නරුව වටදාගෙය
පොළොන්නරුව ක්‍රි.පු 2 වන සියවසේදී හඳුන්වනු ලැබුයේ කඳවුරුපිටිය නමිනි. දුටුගැමුණු රජතුමා එළාර රජුට විරුද්ධව සටන් මෙහයවීමේදී ඔහුගේ ප්‍රධාන කඳවුරු පිහුටුවා තිබුණේ මෙහිය. වේලක්කාර ලිපියේ පුලනරි යනුවෙන් හදුන්වන්නේ පොලොන්නරුවයි.
ක්‍රි.ව 1017 දී අනුරාධපුරයේ අවසාන රජු වූ 5 වන මිහිඳු රජු චෝල ආක්‍රමණ හමුවවේ රුහුණට පලා ගිය අතර, රජුරට චෝළබලයට යටවිය. අවුරුදු 1500 ක් තරම් දීර්ඝ කාලයක් දකුණු ආසියාවේ ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක්ව පැවති අනුරාධපුර පුරන් බිමක් බවට පත් වූයේ චෝලයන් සිදුකල මහා විනාශයන් නිසාය.
තිවංක පිළිමගෙය
ක්‍රි.ව 993 සිට ක්‍රි.ව 1070 දක්වා දකුණු ඉන්දීය චෝල අධිරාජ්‍යයන් ලෙස හදුන්වනු ලැබූ රාජරාජ සහ රාජේන්ද්‍ර යන පිය පුතු දෙදෙනා වසර 77 කට අසන්න කාලයක් පොලොන්නරුව පාලනය කළහ. මෙහිදී ඔවුන් නගරය හැදින්වුයේ “ජනනාථ මංගලම්” සහ “ජනනාථ පුරම්” යන නම්වලිනි.
පොලොන්නරුව ඓතිහාසික රැස්වීම් ශාලාව
ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයින් දක්වන ආකාරයට චෝලින් පැමිණීමට පෙරත් පොලොන්නරුව අගනුවරක් සහ උපනගරයක් ලෙස තෝරාගෙන තිබේ. ඇතැම් සිංහල රජවරු වරින්වර මෙහි පැමිණ වාසය කර තිබෙන බව මහාවංශයෙන් ද පැහැදිලි වේ. රං කොත් වෙහෙර සමීපයේ ඇති ගොපල පබ්බතයේ ක්‍රි.ව. 1 වන සියවසට අයත් ලෙන් ලිපියෙන් පැහැදිලිවන්නේ බුදුදහම පැමිණි මුල් කාලයත් මේ ප්‍රදේශය ජනාවාස වී තිබුණු බවකි.
පොලොන්නරුව පැරණි නගරය
වර්තමානයේ පොලොන්නරුව පූජා නගරය ආශ්‍රිතව සිදු කෙරෙන කැනීම් වලින් කාණ්ඩ තුනක් යටතේ සොයා ගැනීම් සිදුකෙරිණි.
එහි පළවෙනි කොටස හින්දු ආගමික කටයුතු කරගෙන ගිය ආකාරය වන අතර දෙවන කොටස තුළ මේ ආශ්‍රිතව ජන කණ්ඩායමක වාසස්ථානයක ලක්ෂණත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණත් ඔවුන් භාවිතා කළ උපකරණවල තොරතුරුත් පිලිබඳවය. තුන්වන කොටස තුළින් නිෂ්පාදන ක්‍රියාවලියට හසු කර ගැනීමත් එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යකඩ හා වීදුරු භාණ්ඩ නිෂ්පාදනය ආදී කටයුතු සිදු කළ අන්දමත් සොයා ගත හැකිව ඇත.
පොලොන්නරුව සඳකඩ පහන
දැනට මේ ස්ථානයෙන් ලැබී තිබෙන පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව එම්.බී.පී වර්ගයේ උතුරු ඉන්දියානු ඔප දමන ලද මැටි භාණ්ඩ ලැබී තිබුනු අතර ඒවායේ පරිහරණ ස්වභාවය පෙනී යනුයේ අවම වශයෙන් ක්‍රි.පූ. හාරසීය කාලය දක්වා කාල පරිච්ඡේදයක මේ ස්ථානයේ යම් ජනාවාසයක පසුබිමක් තිබුණු බවයි. ඒ කාල පරිච්ඡේදය පිළිබඳ තොරතුරු ලැබීමත් සමග පොලොන්නරුව පූජා නගරයේ ඉතිහාස කතාව ඉතාමත් ඈතට දිව යයි. මේ භූමිය අනුරාධපුර රාජධානියේ ආරම්භක කාලසීමාව දක්වා කාල පරිච්ඡේදයකට දිව යන බව මේ එම්.ඩී.ටී වර්ගයේ මැටි භාජන සොයා ගැනීමෙන් තහවුරු වේ.
ඓතිහාසික ගල් විහාරය
ඉබ්බන්කටුව වැනි ස්ථානවලින් යකඩ කර්මාන්තය, වීදුරු කර්මාන්තය පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර එවිට පොලොන්නරුවේ ඉතිහාස කතාව ඒ තොරතුරු සමග ආදේශ කළ හැකි වනු ඇත.
ලංකාතිලක විහාරය
අතීත රජරට රාජධානියේ අගනුරක් ලෙස පැවති පොලොන්නරුව විජයරාජපුර නමින්ද හැඳින්විය. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු 1 වන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් පොලොන්නරුව තෝරා ගන්නා ලදී.
පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
මහා පරාක්‍රමබාහු රජතුමා.
“අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය” යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
නිශ්ශංක මල්ල රජතුමා
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ.
මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
polonnaruwa
ReplyDeleteපොලොන්නරුව අනේ ඉතින් අද දවසෙ තත්වය ශෝචනීයයි
ReplyDeletenice
ReplyDeleteGood
ReplyDeleteපොලොන්නරු ඇවිදින්න යනවා...මොනවද යන්න තියෙන තැන්
ReplyDeleteptta
ReplyDeleteවැදගත්
ReplyDeletepudumalokaya24.blogspot.com
ReplyDeleteමෙහි නිශ්ශංකමල්ල රජු ලෙස දක්වා ඇති පින්තූරය දඹුලු විහාරයේ ඇති කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පිළිරුවයි.
ReplyDelete