(ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
යාපනය රාජකීය ධජය
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට
පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම
තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල
ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය
ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක්
බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ.
අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය
හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල
ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා
ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට
උරුම කරුවෙකු නොවු 2 වන සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින්
පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.
මුල්කාල පරිච්ජේදය
රාජ්‍යයේ ආරම්භය පිලිබදව ආරංචි නැත. ඒ
පිලිබද ඉතිහාසඥයින් අතර තාමත් වාද විවාද පවතී. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ
(ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස
කරති.
ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින්
කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න
කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි.
මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන්
පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර
සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. මොවුහු වර්ථමාන
ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.
රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර
යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’
චෝල අධිරාජ්‍යයට
කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247)
මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු
ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය.
දඹදෙණියේ 2වන පරාක්‍රමබාහු රජුට (1236 – 1270) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද
චන්ද්‍රභානු යාපනයට ගොස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම
සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු
1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය.
දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට
චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ
ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය
දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක්
කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය.
රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය.
ඒවා නම්
- සේතුකාවලන්
- සින්ගයි අරියන්
- ගංගෙයි නාදන්
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14
ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත්
එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය
සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට
මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල
කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය.
කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ
බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ
තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප
සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත
සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්‍ය ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්‍රසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්‍රහය නිසා ආආර්ය චක්රවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ.
ආගම්
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්‍ය ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්‍රසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්‍රහය නිසා ආආර්ය චක්රවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ.
සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බු නාම වලින්
එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජ පරපුරේ ලකුණක්
ලෙස ඔවුන්ගේ කාසි වල සහ ලේඛණ වලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.
කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල්
නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්‍රතිසංස්කරණය
කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්‍ර වේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන්
කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන්
වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා
නදියෙහි ජලයෙන් එය පිරවූයේය.
ප්‍රධාන කෝවිල් සාමාන්‍යයෙන් නඩත්තු කරන ලද්දේ රජු
විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත
ඉන්දියාවේ හෝ ලංකාවේ සෙසු පළාත්වල ක්‍රියාත්මක නොවූවකි. මේ කියන පූජනීය ස්ථාන
ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.
බොහෝ දෙනාගේ ප්‍රධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව
ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජනීය ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව
මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ
සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින්
දෙවිවරු ඇදහීමද ජනප්‍රිය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ
විශ්වාසය ද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.
රාජධානිය තුළ බොහෝ ප්‍රමාණයක් හින්දු කෝවිල් තිබුණි.
කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්‍රිකුණාමලය
කොනේශ්වරම්, මන්නාරමේ කේතිශ්වරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම්
කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදියේ සුළු වෙනස්කම් හැරුණු
විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය.
ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී
යොදා ගනු ලැබේ. අප්‍රේල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරණු
ලබන අතර නවරාත්‍රී, දීපවාලී, ශිවරත්රි සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා
ජීවිතයේ අංගයන් විය.
සාහිත්‍යය
රජ පෙළපත්වල රජවරු සාහිත්‍ය
කටයුතුවලට සහ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලා වලින් සහ සාම්ප්‍රදායික
(තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා
සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර
සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්‍ය විද්‍යාව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා
විසින් කරනු ලැබීය.
ගුණවීර සිංගයි අරියන්ගේ
පාලන සමයේදී වෛද්‍ය විද්‍යාව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාජසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්‍යාප්ත
කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අද්යාපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන
ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා
වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන
ලදී.
සිංගයි පරරාජසේකරම්ගේ
ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්‍ය ග්‍රන්ථයක් වූ රඝුවංශය දෙමළට
පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන්
පැමිණීමට පෙර සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය කෘතීන්
අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද “වයියපවල්” නම් කෘතිය ඉතා ප්‍රසිද්ධ එකකි.
good
ReplyDeleteWell
ReplyDelete🤗
👍 good
ReplyDeleteGood
ReplyDeleteVey Good
ReplyDeleteThank you helaya101.blogspot.com
ReplyDeleteAll the best 🤝🤝🤝